Tuesday, April 28, 2015

හතලිහ පැනපු කිරිල්ලිය

හත් අවුරුද්දකට කලියෙන්
බස් හෝල්ට්ටෙහෙක හමුවී
අසම්මතයට පියා විදා
තහනම් ගහට පියෑඹු
හතලිහ පැනපු කිරිල්ලිය

හත් අවුරුද්දක් ඇවෑමෙන්
ආයෙත් හෝල්ට්ටෙහෙකම
විසේකාර අත්තටු
සීරුවට පොරෝගෙන
කුමර උණුහුම වෙනුවට
සිල් රෙද්දක් පොරෝගෙන

හත් අවුරුද්දකට එපිටදි
ගැස්සුණු ඒ ඇස් පෙති
පැසුණු  ඇහිපිය යට
හැංගුන අසීරුව
වෙලාවට බස් එකක්
එල්ලිලා යතෑකි!

1 comment:

  1. අදයි බ්ලොගය දැක්කේ ... ඔබ කොහේ හෝ තැනක කමෙන්ටුවක් දාලා තියෙනවා දැකලා ඒ පාරෙයි අාවේ..... දිගට ම ලියමු.... බ්ලොගය අපේ සින්ඩියට දා ගත්තා......

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete